Sunday, July 10, 2016

ඔබ පරමාණුවක්

අහිමි විමක දුක දැනෙන්නේ 
සියල්ල හදවතින්ම  
අහිමිවූ බව දන්නා ම්නිසුන්ට. 
ඒ වගේ මිනිස්සු ළග 
සිනේරුව තරමට 
බලාපොරොත්තු කදු වෙනුවට 
තියෙන්නේ 
නයගරාව වගේ 
ඇදහැලෙන ප්‍රාර්ථනා විතරයි....
ඒ සියළු ප්‍රාර්ථනා ඇදගන්නේ 
ලෝකයෙන් වසන් වන හද පතුලක ගැඹුරු අඩියක, බර්මියුඩා වක....... 
සියළු දුක, සතුටයි දරාගන්නා මිනිසුන්;
ලෝක ගෝල පිරෙන්න තරමට 
ජිවිතේ සංවෘත  කරගන්නේ 
පුංචිම පුංච් ආදරේකින්...
මේ පුංචිම පුංචි ආදරේ, 
හිතේ සුවද දෙන්නේ මදාරා මලකට උනත් , 
හිත විදින්නේ 
දෑ සමන් මල් සුවදක ම්හිරියාවක්......
ඒ තමයි මේ හිතේ හැටි 
ලොකු ලොකුම 
අඩු තරමේ 
දෝතට ගන්න බැරි තරම් 
මහ විසල් මළ මුහුදකට 
ආදරේ කරනවට වඩා මේ හිත,
 හීනියට රුටමින් 
දෙකොපුල් තෙමන 
ඔය ආදරේ  මිහිරි  වැස්සට 
ලෙන්ගතුයි...


ඇත්තමයි 
මම  එරන්දී 

25 comments:

  1. සොඳුරු උපමා උපමෙයයන්ගෙන් පිරුණු සුන්දර සටහනක් නංගෝ...වැඩියෙන්ම හිත ගියේ නයගරාවයි, බර්මියුඩාවයි ගෙනැත් තියපු තැනට...

    ReplyDelete
    Replies
    1. ස්තුතී අක්කියේ බොහොමත්ම. කථා කරන පිංතුරය නිසාම ලියවුනු ල්යවිල්ලක් අක්කි..

      Delete
  2. මොකෝ මේ ජැකාගේ පොටෝ කෑල්ලක් දාගෙන ඈ..!

    ReplyDelete
    Replies
    1. ඔබට පෙන්නේ ජැක්සන්ව උනාට මට පෙන්නේ පුජාවනේ Chef-Architect :) :)

      Delete
  3. ඔයා ආදරෙන් වෙලිලා

    ReplyDelete
    Replies
    1. :) මේක කථා කරන පිංතුර කතාවක්

      Delete
  4. //ලෝක ගෝල පිරෙන්න තරමට
    ජිවිතේ සංවුර්ථ කරගන්නේ
    පුංචිම පුංච් ආදරේකින්...//
    ජයවේවා..!!

    ReplyDelete
  5. පරම අණු ගැන වැඩිය දන්නෙ නෑ
    පරම ඇණනම් ඉන්නව

    ReplyDelete
  6. ලස්සනයි !!! උපමා ටිකට හිත ගියා .... 🙆🙆🙆🙆🙆

    ReplyDelete
  7. ප්‍රාර්ථනා බර්මියුඩාවක සැඟවෙන්න නොදි එකින් එක හරි පිපි දිලෙන දවසක් එන්න කියලා ප්‍රාර්ථනා කරනව එරන්දී...

    ReplyDelete
  8. සංවුර්ථ කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අවංකවම මට තේරුණේ නෑ සංවුර්ථ කියා ලියා තියෙන්නේ සංවෘත යන්න බව.

      Delete
    3. :) ස්තුතී නිවැරදි කිරීමට ඔබ දෙදෙනාටම. ලිඛිතා , රසිකොලොජිස්ට්

      Delete
  9. අපූරු නිර්මානයක්. ඇත්තෙන්ම ලස්සනයි..

    ReplyDelete